ගිනිතැබුවෙමි…

සිත හඩවන

හැඟුම් පොදිය

එක් කොට

ගැට ගසා තදින් 

දැමුවෙමි මා 

ගිනි ගොඩකට

දැවි අළුවන්න කියා

දමන්නට පෙර

ඒ හැඟුම් පොදිය

නිවී ගියා ගිනිගොඩ

අවාසනාවට

මා දෙනෙතින් 

වැටුනු කදුලින් 

තෙත්ව….

ආදරණීය ආදරය …

උඹ කොහෙද හැංගිලා ඉන්නේ. ඉන්න තැනකින් ඉක්මනට එන්න. උඹේ නාමෙන් දැන් හුගාක් නරක දේවල් වෙනවා.ඇයි උඹ උඹේ  නම මෙහෙම විකිණෙන්න දුන්නේ . ඇයි උඹේ නමත් එක්ක උඹ කාමය ගාව ගත්තේ..ඇයි උඹ අවිශ්වාසය ගාව ගත්තේ. ඇයි උඹ නොගැලපෙන දෙන්නෙක් අතරට ආවේ. උඹ දන්නවද, උඹේ නාමෙන් අහිංසක ළමයින් කීදෙනෙක් දුක් විදිනවද කියලා. උඹ දන්නවද ,උඹේ නාමෙන් ඉප⁣දෙන පුංචි දරුවන් කීදෙනෙක් අනාථ වෙනවද කියලා. මේ ලෝකෙ ඉන්න හැම ගැහැනියම පිරිමියම වෙනසක් නැතිව උඹේ නාමෙන් විනාශ  වෙද්දි, උඹ කොහොමද ඔහොම නොදැක්කා වගේ හැංගිලා ඉන්නේ. උඹ දන්නවද, දවසට එක්කෙනෙක් හරි ජීවිතය නැති කරගන්නවා ,ඔව් එ් උඹේ නාමෙන්. ඒත් උඹට ගානක්වත් නෑ . දැන් බියගුලුකමින් හැංගිලා හිටියා හොදටම ඇති. උඹ නොගැලපෙන අය ගාවින් යන්න. ආයි නොඑන්නම. ඔවුන්ට ජීවිතය දෙන්න. උඹ තවත් ඔහොම රැදිලා ඉන්න එකෙන් උන් දවසක උඹට වෛර කරාවි. එතකොට ඇත්තටම ගැලපෙන කෙනා ආවත් , නොපෙනේවි. උඹ ඉන්න තැනකින් ඉක්මනට එන්න. මේ අපරාධ නවත්වන්න. ලෝකය ලස්සන කරන්න.

පැරදුණු ජය…

ජයග්‍රහණය ….නැත්නම් ජය…දිනුම….මේ වචන වලින් කියවෙන්නේ මොකක්ද්ද….? කුමක් හෝ දෙයක් උදෙසා සටන් කරලා එය ලබා ගැනිම…එයද ජයග්‍රහණය කියන්නේ…අප මේ ලෝකයේ යම් දෙයක් ජය ගන්න විට නිසැකවම එහි අනික් පස කෙනා පරාජය ලබනවා.. ස්වභාවධර්මය විසින් නියම කල නියමය එයයි…යමෙකුගේ ජය තවත් අයෙකුගේ පරාජයක් වෙනවා.. ඒ වගේමයි යමෙකුගේ පරාජය තව අයෙකුගේ ජයග්‍රහණය වනවා..යමෙකු ජයග්‍රහණය තුලින් විශාල ලෙස සතුටට පත් වෙනවා…ඒ අතර තුලදි පැරදුණු කෙනා දුකින් කදුලු සලනවා..ස්වභාවයයි ඒ…ඔබ හිතන්නේ ජයග්‍රහණය කියන්නේ මොකක්ද්ද…යමෙකු පරාජය කිරීමමද?මම කියනවා නෑ කියලා..එකග වෙනවද?…හිතන්න…හරිම ජය මොකක්ද්ද..මම ඔයාලට හිතන්න පහසු කරන්නම්..මෙන්න මගෙන් උදාහරණයක් ..තරගයකදි..යමෙක් අනෙකාව  පරාජයට පත් කරන්න සමත් වෙනවා…ඒ පළවෙනි අදියරයෙදි.. ඔහු එයින් ඔලුව උදුමවාගෙන දෙවන අදියරට සූදානම් වීම අතපසු කරනවා..දෙවන අදීයරයේදි ඔහුට අත්වන්නේ පරාජයක් ….පලමු අදියරයේ පරාජය ලැබු කෙනා ජය ලබනො..හේතුව ඔහු එය ජයක් ලෙස ගෙන තිබු නිසා…හිතන්නදැන් මෙතන නියම ජයග්‍රාහකය‍ා කවුද…අපට ජීවිතේ සුලබව විදින්න වෙන දෙයක් මේ සිදුවීම …ඔබ තිරණය කරනන ඔබ ආඩම්බර ජයක හිමිකරුවක් වනවද..නැත්නම් පැරදුණු ජයක හිමිකරුවකු වනවද කියලා..

මග බලා සිටිනු මැන…

සුවිසල් අහස් ගැබ  

අදුරු වී අද ඇත..

තරුත් නැත සදුත් නැත

කොහෙදෝ සැගව ගිහින් .

මතකයන් හිතට විත් 

රිදුම් දෙයි වැලපෙයි..

නැත ඔබට ඇසෙන්නේ 

දෙසවන් වසාගෙන ඔබ..

නැත ඔබට පෙනෙන්නේ 

දෑස් වසාගෙන ඔබම…

මා එසේ සිතූවත්

ඔබට එය දැනෙන වග

දන්නවා මගේ හද 

ඔබ ලගම ඇති නිසා..

එපා ඔබ දුක් වන්න 

එපා ඔබ වැළපෙන්න 

මතු සබැදුමකි මෙය

නිමාවක් නොව මෙය..

නැත ලොවක් ඔබ නැතිව

නැත කිසිවක් ඔබ නැතිව

ජීවිතයේ කම්කටොලු 

විද දරාගමු එකට..

අතහැර ගිය දුක

දරාගෙන මේ ලෙසින්

හිතක් නොවන කෙනෙකු 

මෙන්….

සිටින්නේ මම අද

සටන් කල යුතු නිසා..

අපේ ආදරයේ ජය පතා..

ඔබ සිටින්න සිනාසී

මගබලාගෙන හෙටත්

මම එන්නම් ලගදිම

බිදදමා බාදක….

හැගීම් සහ තාරුණ්‍ය ….

හැගිම වනාහි සියලුම මිනිස් සිතකටම හැගෙන දැනෙන දෙයකි …අලුත උපනලෙදරුවාගේ පටන් ..මේ මොහොතේ මරණයට ලගා වෙන මහලු පුද්ගලයා දක්වා සියලු දෙනාට හැගිම් යන දෙය සිතට දැනේ….වෙනස වන්නේ…ඒ ඒ වයස් සීමාවන්හිදි ඒ ඒ පුද්ගලයන් හැගිම් වලට දක්වන ප්‍රතිචාරය වෙනස් වීමයි…උදාහරණයක් …පාසල් වියේදි සිතට දැනෙන ආදරය ආශාව වයසින් වැඩෙන කොට බොහෝවිට වරදක් ලෙස හැගෙනවා..වයසෙන් වැඩෙත්ම අපි තොරාගත් පුද්ගලයා නිවැරැදි කෙනා නොවේදෝ යන හැගිම අප සිතට එනවා…එය සාමන්‍යයි …එයට හේතුව …අප ඒ ආදරයට මුල පිරිමට ප්‍රධානතම හේතුව ආදරය නොවන නිසා….එය හුදෙක් ආශාවක් පමණක් නිසා….ආශාවක් මත ගොඩනැගෙන ආදරය හුදෙක් සාරාගී හැගීම් නැතහොත් කාමුකත්වය මුලික කරගෙන හටගන්නක් වෙනවා…තමන්ට දැනෙන හැගිම පෙන්නුම් කීරිමට සුදුසු හෝ නුසුදුසු ස්ථානය  මොහොත යන්න පිලිබද නොතකා එවා පෙන්නුම් කිරිමට ඔවුන් පෙලබෙනවා…ඒවා ඔවුන්ට හුගාක් ආදරණිය නැතහොත් වැදගත් වන දේවල් ලෙස පෙනෙනවා….මේ හැගිම් තුරුණු වියත් සමග අැති වීම සාමාන්‍යය දෙයක්….වැදගත් කම වනුයේ තම සහකාරියගේ ගෞරවය මරණය දක්වා රැකිමයි…ඇයගේ ගෞරවය බස් රථය දුම්රිය යනාදි පොදු ප්‍රවාහනයන් තුල හෝ බිත්ති හතරකට කොටු වු කාමරයක් තුල නැත්තටම නැති කිරිම …….සැබෑ ආදරයද කියල‍ා ගැටලුවක්….නැගෙනවා….අද සමාජයෙ වෙසෙන සැම කෙනාම කටයුතු කරන්නේ කාමුකත්වය යන දෙයට මුල් තැන දීලද කියලා අහන දකින බොහෝ දේවල් වලින් හිතෙන්නේ මට විතරක් නෙමේ කියලනම් මම තේරුම් ගත්තෙ… එවන් යුවලක් දිහා මිනිසුන් බලා සිටින අන්දමින්…හිතන්න …තුරුණු සිතට එන හැගීම් අපමනයි…ඒ එතරම් ඒ සිත බලවත් නිසා…..නමුත් වැදගත් දෙය…ඒ හැගීම් සමග ගෞරවය රැකගෙන….තමන් ලගට එන මල රැකගෙන ජීවිත ගමන යෑමයි……

තුරුණු සිත අරුමයි

හැගිම්නම් බොමයි…

ඉවසිම අපහසුමයි

ඉවසුවොත් ඔබ 

…..ගෞරවනීයයි…

වෙස් මුහුණු පැලද සිටින්නන්…..

මේ ලෝකය පුදුමාකාර තැනක් ….හුගාක් මිනිසුන් ඉන්නවා…..ඒ හැම කෙනාම …එක හා සමානද????එකිනෙකාගෙන් එකිනෙකාට හුගාක් වෙනස්…මිනිසුන්ගේ වෙනස්කම පෙන්නන්න අප අතර බහුලව යොදාගන්න උපහැරණයක් තියෙනවා…ඒ තමයි “මිනිසුන් හරියට අතේ ඇගිලි වගේ…” කියලා…ඒ කතාව සියයට සියයක්ම නිවැරදි..මිනිසුන් ඉක්මනින් වෙනස් වෙනවා…අද ඉන්න කෙනා නෙමේ හෙට ඉන්නේ….ඊයෙ හිටි කෙනා නෙමේ අද ඉන්නේ ….මම මේ කියන්නේ බාහිර ස්වරූපය ගැනනම් නෙමේ …මිනිස් ඇතුලාන්තය ගැන….මේ ලෝකේ කාටම හරි කියන්න පුළුවන්ද නොවෙනස් වුන මිනිසෙක් ගැන …බාහිර ස්වරූපය හෝ ඇතුලාන්තය හෝ වේවා…. ..මිනිසුන් නිසැකවම වෙනස් වෙනවා….බාහිර ස්වරූපයෙන් කෙනෙකු වයසට යෑමත් සමඟ බොහේ විට ඒ පුද්ගලයා නුවණින් පරිනත වෙනවා…. අපිට මෙහෙමත් හිතන්න පුළුවන්  … මිනිසුන් නිසැකවම වෙනස් වෙනවා..ඒ  වෙනස් වෙන්නේ මතුපිටට සමාජයට පෙන්න ස්වරූපයි…ඒ විදියට හිතුවොත්නමි මිනිස්සු වෙනස් වෙලා නැහැ ..එය තවත් බසකින් පැවසුවොත් …මිනිසුන් සිටින්නේ සමාජයට පේන්න වෙස්මුහුණුක් පැලදගෙන…….නමුත් මම එය ස්ථීර කරන්නේ නැහැ..මොකද මිනිසුන්ගේ වෙනස්වීම ස්වභාවධර්මය ලැබුනු දෙයක් නිසා….

අද සමාජය බෙහෙවින් දියුණුවට ලක්වුන තැනක්…ඒ වගේමයි නොදියුණු සිතුවිලි පිරි මිනිසුන්ගේ තෝතැන්නක් …..කෙටියෙන්ම කියනවනම්….දියුණු තාක්ෂණය භාවිත කරන නොදියුණු මිනිසුන් සිටින තැනක්….දූෂණය වංචාව ප්‍රෝඩාව රජයන තැනක්…. අද සමාජයට දෙන්න පුළුවන් ඉතා හොදම අර්ථකථනය තමා මේ….

කිසිම කෙනෙක්ව දුටු පමණින් කතා බහ කල පමනින් ඔවුන්ගේ බාහිර හැසිරීම් ස්වභාවය අනුව ඔවුන්ව තේරුම් ගැනිමේ හැකියාව දැන් අප අතරින් ඈත් වෙලා තියෙනවා…හේතුව අප වටා සිටින පුද්ගලයන්  තුලින් අප ඒ තරමටම රැවටීම් වලට ලක් වන නිසයි…කාට හරි සියයට සියයක්ම සහතික වෙන්න පුළුවන්ද අපිව නොරවටාවි කියලා… ඒ තමා අද සමාජය  තුල ඉන්න මිනිසුන්ගේ ස්වරූපය ….

ඉතින් හොදම දේ…..තමන්මත තමන්ගේ ජීවිතය ගොඩ නගන්න….වෙස්මුහුණු පැලද සිටින මිනිසුන් සමග තම ජීවිතය නිර්මාණය කලොත් ඔබ නොසිතන මොාහාතක එය කඩා වැටේවි….

෴තනිකම , බැදීම් සහ තාක්ෂණය ෴

මිනිස් හිත කියන්නේ පුදුමාකාර දෙයක්… හිතන්න.. අපි මේ ලෝකෙට එන්කේ තනියම…මේ ලොකෙන් යන්නෙත් තනියම …. සියයට එකක පමන පිරිසක් පමණක් තනියම නොපැමිණේවි….තනියම නොයාවි…නමුත්…බහුතරයක්ම අයත් වන්නේ මා කලින් සදහන් කල කොටසටයි….එසේ තනිව පැමිනි මේ ලෝකය තුලදි ඇයි අපේ හිත තවත් අයගේ සම්බන්ධතා සොයන්නේ…කාටහරි ඒකට උත්තරයක් තියෙනවද….හරි විදියට කියනවනම් බැදීම් කියන්නේ වේදනවාක් විතරයි…මොකද බැදිමක අවසානය මොන ආකාරයකින් බැලුවත් දුකක් විතරක් නිසා..ඔබ කියයි නෑ කියලා…ඇත්ත මම ඒක පිගන්නවා…හැම බැදිමක්ම දුක්බර නෑ …නමුත් ඒ බැදීමත් එක්ක බැදිලා තියෙන දෙය අපෙන් ඈත් වුනොත් ….එතන ඉතිරිවන්නේ දුකක් නේද….???? ඒසේ වුවත්,  මේ මිනිස් සිත සෑම විටම ඒ බැදීම් සොයනවා නේද….හිතන්න…මහා සෙනඟක් පිරි ස්තානයක කාලය ගත කල අපි , කාත් කවුරුවත් නැති තැනක හිටියොත් ..අපිට දැනෙන්නේ කොයි වගේ හැගීමක්ද්ද කියලා…අපිට මහා මූසලකම පිරිච්ච තනිකමක් දැනේවි…..ඒකයි මේ හිතේ ස්වබාවය…අපි කොතරම් කාර්යබහුල වුවත් ..අපේ සිත්ගත් එහෙමත් නැතිනම් අපි බැදීම් ඇතිකරගත් තොරාගත් හෝ තෝරා නොගත් පිරිසක් සමග කතා බහ කිරිමට අපි කෙසේ හෝ කාලය සොයාගන්නවා නේද…..බෙහෙවින් දියුණු තාක්ෂණයක් හිමි නූතන සමාජය තුල මේ තත්වය බහුලවම දක්නට ලැබෙනවා….උදාහරණයක් කියන්නම්….අපි අමතර පන්තියක් පටන් ගන්න ගලින් ඒ පන්තිය තුලට ගියොත් අපිට බහුලව දකින්නට ලැබෙන්නේ මොනවද….හරියටම කිව්වොත් දියුණු තාක්ෂණ උපකරණ දෑතෙහි රදවාගත් ලමයි සමාජජාල වෙබ් අඩෙවිවල ඉමක් කොනක් නැතිව සැරිසරන විදිය අනිවාර්යයෙන්ම දක්න්න පුළුවන් වෙයි….තව… සිටින සියුලු සිසුන්ගේ ඝෝෂාකාරී තත්වය ….අපිට නොඅනුමාන අැසීමට පුළුවන් …මදක් ඔවුගේ කතාවකට සවන්දුන්නොත්???? නොඅනුමානයක් නෑ එතැනත් බුකිය ගැනනම් කතා තියෙයි හුඟාක්….ඇයි මේ සියලුම දෙනා මෙලෙසින් හැසිරෙන්නේ….එයට ප්‍රධානතම හේතුව ඔවුන් , ඔවුන්ගේ සිත…තනිවීමට අැති බය නිසයි….තනිකම යනු එතරම්ම දරුණු දෙයක්…මිනිසුන් එතරම් එයට බිය ඒ නිසා විය යුතුයි….නමුත් තනිකම කියන්නේ …අද ඊයේ අඅතිවුන දෙයක් නෙමේනේ….අතීතයේ මිනිසුන්ටත් එවැනි දේ දැනුනා…වෙනස වෙන්නේ එවිට ඒ මිනිසුන් තනිකම නැතිකරගත් ..එහෙමත් නැත්නම් ඒ තනි කමට මුහුණ දුන් විදියයි….ඒ මිනිසුන්ට මේවන් දියුණු තාක්ෂණය තිබුන්නෑ ….එයාලා එයාලගේ තනිකම නැතිකරගත්තේ පොතපත් සහ ස්වභාවධර්මය මගින්…..ඉතින් ඇත්තටම කියනවා නම් ඔවුන්ගේ මනස …අද සමාජයෙ වෙසෙන මිනිසුන්ගේ මනස‍ට  වඩා දැනුමින් සන්නද්දයි….ඉතින් ඔවුන් හා අප සංසන්දනය කලහොත් ඔවුන් සිටිනතැනට අපිට ලං වෙන්නවත් බෑ …. දැන් ඔයාලට සිතෙයි එාහම වෙන්නේ කොහොමද … ඒ කාලයට වඩා දියුණු තාක්ෂණයක් , තාක්ෂණික උපකරණ අද තියෙනවනේ කියලා…ඇත්ත ඒවා තියෙනවා….නමුත් ගැටලුව ඒක නෙමේ ….ඒවා භාවිතයට ගන්නා මිනිසුගේ මනසයි…..හිතන්න……තාක්ෂණය සොයාගන්න …එක් පුද්ගලයෙක් එතරම් වෙහෙසෙන්නේ කෙහෙ‍ාමද….ඒක් අතකින් බැලුවොත් ඒ පුද්ගලයගේ සිතට දැනෙන හැගීම් නැති කරගන්න විදිය වෙන් ඇති…..එසෙනම්…ඒවා භාවිතයට ගන්නා අපේ මනස කෙසේ විය යුතුද?????.෴….

ඒ හද මගේමයි…

ජීවිතය හිස්කමින්

ගෙවෙනවිට පාළුවෙන් 

ඔබේ ඔය මතකයෙන්

මා සිත ගිනියම් වූයෙන්….
දමා සිතුවිලි පොදිය

එකතුකර චිතකයට

දවා අළු කල දැමුවෙමි

දරා ගත නොහැකි වුව……
ගෙවී දැන් බෝ කලක්

ඔබ මගෙන් වෙන් වී

තවම නෑ සැනසුමක්

ගිනි ගොඩක් මා සිත……
ආදරයේ විරහව

පසක් කොට මා සිතට

ඔබ ඉගිල ගොස් අද

ඇගේ උණුසුම සොයා…

මා ඔබේ පතිනිය වන්න

දුටු සිහින බෝමයි

ඒ හැම සිහිනයක්ම

බොදව ගිය වඟ සැබැයි
සදා තුටින් සිටි මැන 

මා සතුට එයමයි

දෙන්න එපා දුක් හදට

ඒ හද මගේමයි….
~තරු~

සමාජයෙන් ඈතට ගිය සමාවෙන්න…..

අද සමාජය දියුණුයි…හුගක් දියුණුයි …මිනිස්සු හිතනවටත් වඩා අද ඒ දියුණුව වැඩි වෙලා තියෙනවා…ඒ ඒ දියුණුව උපකරණ වලින් පමණක් ඇති වෙලා කියලා හිතෙන්නේ නැද්ද…

ඒ කිව්වේ දියුණු මිනිස් මොළ යොදාගෙන දියුණු උපකරණ නිපදුවට…ඒ හිත දියුණුයිද???? නෑ නේද…… අතීතයේ මිනිස්න්ගේ සිත් හුගාක් දියුණුයි …. එයාලා නූගත් තමා…ඒත් හිත පුදුමාකාර විදියට දියුණුයි ….. හරිම නිහතමානීයි….වරදක් වුනත් නූනත් සමාව ඉල්ලන ඒ මිනිස් ගතිය ඒ මිනිසුන් තුල තිබුනා…ඒකයි මනුස්ස කම…ඒ වගේම නිහතමානිත්වය…..ඒත් දියුණු වුන අද සමාජේ …මනුෂ්‍යත්වය පිරිහුන අද සමාජයේ … සමාවෙන්න කියන වචනය පුංචිම දරුවෙකුගේ මුවෙන් තියා වැඩිහිටි කෙනෙකුගෙන්වත් නොඇසෙන තරම්…සමාජය දියුණු වෙලා .ඒත් නිහතමානිත්වය මන්සත් කම අපෙන් ඈතට ගිහින්…..දියුණු මිනිස් මොළය අතරේ.. දියුණු සිතත් තිබුනනම්…..අද සමාජය කෙතරම් සාමකාමි වෙයිද…අද සමාජය තුල පවතින අපරාධ කෙතරම් දුරට අඩු වේවිද….මම කියන්නේ නැහැ සමාවෙන්න කියලා කිව්ව පලියට එහෙම වෙනවා කියලා…. මොකද යමෙක් සමාව ඉල්ලුවම මුලු හදවතින්ම සමාව දෙන්නත් හැකියාවක් තියෙන්න ඕන නිසා…අද සමාජය තුල ඇතිවන සැම අපරාධයකම මුල … පුංචිම පුචි ගැටලුවක් වෙනවා…. හිතන්න ඒ අවස්ථාව තුලදි ඒ ගැටලුව වුන පාර්ශවයන් අතරින් එක් පාර්ශවයක් සමාව ඉල්ලුවනම්…එහි අවසානය හාත් පසින්ම වෙනස් වන්න ඉඩ තියෙනවා… ඉතින්…තමන් අතින් වරදක් වුනත් නූනත් සෑම විටදිම සමාව ඉල්ලිමටත් දීමටත් නිහතමානී වන්න….එවිට බොහෝ ගුටලු වලට විසදුම් ඔබ සෙවීමටත් පෙර ලැබේවි…

කාර්යාලය…..

පුටුවට හේත්තුවී ..

මේසේ බදාගෙන…

කොම්පියුටරේ අැස් රදවන්…

ලිපිගොනු පොදියක්

වටකරන්..

ඉන්න වෙලාවේ..

හිතේ රජකල 

අසහනකාරී බවෙන

මිදි මෙලෙසින් 

ලියූවෙමි කවියක් 

රිසිසේ…..