සමාජයෙන් ඈතට ගිය සමාවෙන්න…..

අද සමාජය දියුණුයි…හුගක් දියුණුයි …මිනිස්සු හිතනවටත් වඩා අද ඒ දියුණුව වැඩි වෙලා තියෙනවා…ඒ ඒ දියුණුව උපකරණ වලින් පමණක් ඇති වෙලා කියලා හිතෙන්නේ නැද්ද…

ඒ කිව්වේ දියුණු මිනිස් මොළ යොදාගෙන දියුණු උපකරණ නිපදුවට…ඒ හිත දියුණුයිද???? නෑ නේද…… අතීතයේ මිනිස්න්ගේ සිත් හුගාක් දියුණුයි …. එයාලා නූගත් තමා…ඒත් හිත පුදුමාකාර විදියට දියුණුයි ….. හරිම නිහතමානීයි….වරදක් වුනත් නූනත් සමාව ඉල්ලන ඒ මිනිස් ගතිය ඒ මිනිසුන් තුල තිබුනා…ඒකයි මනුස්ස කම…ඒ වගේම නිහතමානිත්වය…..ඒත් දියුණු වුන අද සමාජේ …මනුෂ්‍යත්වය පිරිහුන අද සමාජයේ … සමාවෙන්න කියන වචනය පුංචිම දරුවෙකුගේ මුවෙන් තියා වැඩිහිටි කෙනෙකුගෙන්වත් නොඇසෙන තරම්…සමාජය දියුණු වෙලා .ඒත් නිහතමානිත්වය මන්සත් කම අපෙන් ඈතට ගිහින්…..දියුණු මිනිස් මොළය අතරේ.. දියුණු සිතත් තිබුනනම්…..අද සමාජය කෙතරම් සාමකාමි වෙයිද…අද සමාජය තුල පවතින අපරාධ කෙතරම් දුරට අඩු වේවිද….මම කියන්නේ නැහැ සමාවෙන්න කියලා කිව්ව පලියට එහෙම වෙනවා කියලා…. මොකද යමෙක් සමාව ඉල්ලුවම මුලු හදවතින්ම සමාව දෙන්නත් හැකියාවක් තියෙන්න ඕන නිසා…අද සමාජය තුල ඇතිවන සැම අපරාධයකම මුල … පුංචිම පුචි ගැටලුවක් වෙනවා…. හිතන්න ඒ අවස්ථාව තුලදි ඒ ගැටලුව වුන පාර්ශවයන් අතරින් එක් පාර්ශවයක් සමාව ඉල්ලුවනම්…එහි අවසානය හාත් පසින්ම වෙනස් වන්න ඉඩ තියෙනවා… ඉතින්…තමන් අතින් වරදක් වුනත් නූනත් සෑම විටදිම සමාව ඉල්ලිමටත් දීමටත් නිහතමානී වන්න….එවිට බොහෝ ගුටලු වලට විසදුම් ඔබ සෙවීමටත් පෙර ලැබේවි…

කාර්යාලය…..

පුටුවට හේත්තුවී ..

මේසේ බදාගෙන…

කොම්පියුටරේ අැස් රදවන්…

ලිපිගොනු පොදියක්

වටකරන්..

ඉන්න වෙලාවේ..

හිතේ රජකල

අසහනකාරී බවෙන

මිදි මෙලෙසින්

ලියූවෙමි කවියක්

රිසිසේ…..

මට දෑස කුමකට , ඔබට දෑස අහිමිනම්…..

වැහි මන්දාරම වෙනස් වීයයි

කුණාටුවක් අත ළඟම එයි..

ඒ පලස දැනුනේ ඔබ ගැනමයි…

ප්‍රවේසමෙන් කියා පැවසුවේ ඒ නිසයි..
ඔබ ගියා මා දෑස දෙක සිඹ ..

ආදරෙයි යැයි පවසලා..

ගිහින් එන්නම් මලේ රත්තරන්..

කියා හිමිහිට සනසලා..

ඔබයි මගෙ මුළු ජීවිතයම…

හිනා වෙනු මැන කියා..

ඉඟිල්ලි ගියේ ඔබ..

මගේ සැනසුම පතා..
දැන් බොහෝ රෑ වී ඇත..

කෝ ඔබ නැත තවම නැත…

කොහේ හෝ ඔබ සැඟවී ඇත..

කියා මගේ සිත හඩනු ඇත..
පණිවිඩයක පැමිණියේ…

දෙසවන අදහනු බැරි වුනේ…

මා හනික දිවගියේ…

ඉවසනු මැන හිමියනේ…
ඔබ කුටියක් තුල සිටියේ..

ඇඳක් මත නිසලව සිටී..

දෙනෙත් කඳුලින් තෙමී…

මා හිත  වැලපුනී..
ඔබ දෑස වෙලා ඇත..

කුමක් සිදුවුනිද සිතනු නොහැක…

මා ඔබ ලග ඇත…

නමුතු ඔබට පෙනෙනු නැත
මට දෑස් කුමකට..

ඔබ අඳුරෙ සිටීනම්…

මගේ දෑස් ඔබට දෙමි…

මා අඳුරෙ සිටින්නම්…

ඔබේ දෑසින් පමනක් මා..

මේ ලොවම දකින්නම්…

මගේ දෑසින් ඔබ….

මුළු ලොවම දකීනම්….

හීන….

ජීවිතේ අපිට හීන හුඟක් තියෙනවා…

අපි හැමදාම ඒවා ලුහුබඳිනවා…

වෙරලට රැල්ල ඇවිත් යනවා වගේ..

අපේ ජීවිතයෙත් ඒ හීනවල සාර්ථකත්වය ලගටම ඇවිත්….

ඇස් පනාපිටම ඒවා බිදිලා යනවා…

ඒ මොහොතේ අපිට දැනෙන්නේ…

ඒ තරම් වේදනාවක් නැති තරම් කියලා….

අපි තේරුම් ගන්න ඕන….

රැල්ලට කවදාවත් වෙරලේ රැදෙන්න බෑ….

වෙරලට කවදාවත් රැල්ල රදවගන්නත් බෑ….

ඒත්……වෙරලේ හැබෑම අයිති කාරයා රැල්ලයි… 

මොකද රැල්ල වෙරළට ආවෙ නැත්නම්….

වෙරල ලස්සන වෙන්නේ නෑ….

රැල්ල මුහුදේ තියෙන බව ඇත්ත…

ඒත් ඒක අයිති වෙරලටයි…

හීනත් ඒ වගේ…

වෙන කෙනෙක් ළඟ තියෙන්න පුළුවන් ….

ඒත් ඒක අපේ ජීවිතයට ළං වුනාමයි ලස්සන….

අපිට අයිති හීයක්නම්…

අනිවාර්යයෙන්ම අපි ළඟට අැවිත් යනවා…

මොකද ඒ හිනේ අසම්පූර්ණයි අපි නැතිව…

අපි අසම්පූර්ණයි ඒ හීනෙ නැතිව…

මේ ජීවිතය ගෙතිලා තියෙන්නේ එහෙමයි…

සඳ තරණය සිහිනයක් කරගත්ත අම්ස්ට්‍රෝන්ට හදට යන්න පුළුවන් වුනානම් ….

අපිට….

අපේ හීන වලට යන්න කොච්චර බාධක  බිද වැටීම් හමුවේ..

නැඟිටින්න ඕනද කියලා…

අපි තේරුම් ගන්න ඕන….

මතක තියාගන්න ….

ඔයා ළඟට ඇවිත් යන හීනයේ…

ඇත්තම අයිතිකාරයා ඔයා කියලා