කාලය….මම කාලය ගැන කතා කරන්න පටන්ගන්නම් අතීතයෙන් … මොකද අතීතය කියන්නේ අපි හැමෝගෙම හදවත නවතින එක පුංචි වචනයක් නිසා .. අපි හැම කෙනාටම තියෙනවා … ආපසු යන්න ඕන අතීතයක් … සුන්දර වුනත් වේදනා කාරී වුවත් ඒ අතීතයට අපේ යටි හිත හරි ආදරෙයි … මම අහම්බෙන් මගේ කනට වැටුන පුංචිම පුංචි වාක්‍යයක් කියන්නම් .. අතීතය කියන්නේ ගිහින් එව්න්න සුදුසු තැක් … හැබැයි නවතින්න සුදුසු තැනක් නෙමේ … … ඒ කතාවේ සත්‍ය අසත්‍ය බාවය ගැන මම කතා කරන්නේ නැ… මොකද කාලය කියන්නේ එක්තරා ආකාරයට අහසක්…මම ඊලගට කතා කරන්නම් අනාගතය ගැන … ඔයාගේ අදහස මොකක්ද්ද … අනාගතය ගැන … පොඩ්ඩක් ඉන්න … ඔයාගේ අදහස කියන්න කලින් මට මේක කියන්න .. ලබන අවුරුද්දේ අද වගේ දවසක මේ වගේ වෙලාවට ගිනියම් අව්ව තියේවි නේද……ඉතින් අනාගතය ගැන තවත් උදා හරන මොකටද …ඒක හරියට නූපන් දරු වෙකුට අවුරුදු දෙක තුනකට අදුම් ගන්නවා වගේ… කුසක නැති දරුවෙකුට… ඉතින් මගේ අවසන් මාතෘකාව වර්තමනය…වර්තමනය හරියට අකුනක් වගේ … තප්පරයක්වත් යන්නේ නැහැ කිසිම දෙයකට… ඉතින් තවත් මොකටද විසතර කිරීම් වර්තමනය ගැනත් …
මේ ලිපිය වෙනදා වගේ ලොකු වචන ලොකු ඡේද නෑ … අවස්ථාවක් ඔයාට .. ඔයාගේ ජීවිතය ගැන හිතන්න ..මම පාර පෙන්නුවා පමනයි …
හැබැයි එක දෙයක් … මේ වචන ඇතෙන්ම්ම හදවතට වැදුන එකක් …
අතීතය යෑමට සුදුසු තැනක් වුවත් නවතින්නට සුදුසු තැනක් නෙමේ … ඒත් .. ඇත්තතම දේ කාලය කොතැනකවත් නවතින්න සුදුසු තැනක් නෙමේ
මම
තරු
You must be logged in to post a comment.